ඖෂධ පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක දී කළ විග්‍රහයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට හෙට 31 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කරන ලද මාධ්‍ය සාකච්ඡාවකට අදාළව මෙම ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා හෙට 31 උදෑසන 8:00 වන විට පෙනී සිටින ලෙසට ඔහුට දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවර්ධන සහ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති උත්පල චන්ද්‍රවංශ විසිනි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වාර්තා මකා දැමීමේ සිද්ධිය මෙන්ම ඖෂධ නිෂ්පාදනය පිළිබඳව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව මෙම කැඳවීම සිදු කළ බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.