රට වසා ජනතාවට කන්න දීමට නොහැකි බව කියන ආණ්ඩුවේ අය හොඳට කකා බිබී සිටින බව ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන බල මණ්ඩල සභික වසන්ත සමරසිංහ පවසයි.
එහෙත් ජනාධිපතිවරයා යටතේ ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලොක් වෙළෙඳ මධ්‍යස්ථාන කාර්යාලය අලුත්වැඩියාවක් සඳහා ලක්ෂ 700ක පමණ මුදලක් වැය කරමින් ඇතැයි ද ඔහු චෝදනා කරයි.
මෙම ආයතනයේ සේවය සඳහා අවුරුද්දක පඩිය ලෙස ලක්ෂ 3800ක් වැය කරමින් පිට රටින් කණ්ඩායමක් ගෙන ඒමට සැලසුම් කර ඇතැයි ද වසන්ත සමරසිංහ අනාවරණය කරයි.
මෙලෙස රටේ මුදල් නැති නාස්ති කරමින් ජනතාවට කොවිඩ් මැද වැඩ කරමින් පටි තද කරගන්නා ලෙස උපදෙස් දීමට ආණඩුවට ලැජ්ජාවක් නැති දැයි ඔහු ප්‍රශ්න කරයි.