රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීති කාල සීමාවෙන් නිසි ප්‍රතිඵල ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.
එම සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසුවේ කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා රට අගුළු දැමුව ද ජනතාව තම තමන්ගේ එදිනෙදා රාජකාරි කටයුතු වල නිරත වන බවයි. එමගින් රට තුළ ලොක්ඩවුන් රැල්ලක් ද ඇති විය හැකි බව ඔහු පෙන්වා දෙයි.
“අපි මේ ලොක්ඩවුන් එක නම් කරන්නේ සප්‍රයිස් ලොක්ඩවුන් එකක් හැටියට. මේ සප්‍රයිස් ලොක්ඩවුන් ලබාදීමේ ක්‍රමයම වසංගත විද්‍යාවට විරුද්ධයි.
තරු තෝරන තරගයක් විදිහට කුතුහලය උපරිම මට්ටමට ගෙන එකපාරටම කියනවා ඔන්න දැන් ලොක්ඩවුන් කියලා. එතකොට මහ ජනතාව මොකද කරන්නේ මේ ලොක්ඩවුන් කාලයේ ජීවිකාව රැකගන්න හිස්ලූ ලූ අත දුවනවා.
මේකේ ප්‍රතිඵලයක් විදිහට රෝගය පාලනය කරනවාට වඩා ලොක්ඩවුන් රැල්ලක් වගේ එකක් ඇති වෙන්න පුළුවන්.”