රට වසා නොදැමීමට කැබිනට් මණ්ඩලයේ දී ඒකමතිකව තීරණය කර පසුව රට වසා දමන්නැයි ලිපි යවන ඇතැම් ඇමතිවරු සිදුකරන්නේ ඉතා ම පහත් ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.
“අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට බොහොම කනගාටු වෙනවා රට වහන්න වෙච්ච එක ගැන. ගිය සඳුදා තිබිච්ච කැබිනට් මණ්ඩල රැස්වීමේදී රට වහන්නේ නෑ කියලා සියලු කැබිනට් ඇමතිවරු ඒකමතිකව තීන්දුවක් ගත්තට පස්සේ. ඒ තීරණයට අත උස්සපු සමහරක් ඇමතිවරු එළියට ගිහිල්ලා රජයට ලියුමක් දෙනවා වහාම රට වසාදමන්න කියලා. ඉතාම පහත් ආකාරයේ ක්‍රියාවක්.
කැබිනට් මණ්ඩලයේ කතා කරන්න කොන්දක් පණ නැතුව එළියට ගිහිල්ලා ලියුම් ගහලා ඒ ලියුම් ජනාධිපතිට යන්න කලින් මාධ්‍යට කවුරු හරි නිකුත් කරනවා නම් එය ඉතා බැරෑරුම් තත්ත්වයක්. කැබිනට් වරප්‍රසාද භුක්ති විඳින ගමන් මාධ්‍ය ඉස්සරහට ඇවිත් පුහු වීරයෝ වෙන්න හදනවා නම් ඊට එරෙහිව දැඩි තීන්දුවක් ගන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ඒ බව සඳහන් කළේ පක්ෂ මූලස්ථානයේ අද (23) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.