දවස් 10ක් රට වහල කොවිඩ් මර්දනය කරන්න බෑ…! දිගට ම වහන්න ඕන…! – ජවිපෙ මාධ්‍ය හමුවක….

August 22, 2021 at 9:37 pm | by emanisa.lk

කොවිඩ් වෛරසයේ බීජෞෂණ සමය පිළිබඳව විද්‍යාත්මකව සලකා බැලූ විට දින 10 ක කාලයක් පමණක් රට වසා තැබීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ පවසයි.

ජාතික ජන බලවේගය අද (22) පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

වෛද්‍ය අබේසිංහ පවසන්නේ යම් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වුවහොත් දින 14ක පමණ කාලයක් එම පුද්ගලයාගෙන් අනෙක් අයට වෛරසය බෝ වීමේ හැකියාව තිබෙන බවයි. මේ නිසා අවම වශයෙන් දින 14 ක් හෝ රට වසා තැබිය යුතු බව ඔහු සඳහන් කරයි.

එන්නත්කරණය දැනට ඇති සාර්ථකම විසඳුම වුවත් වසංගතය මැඩපැවැත්වීම සඳහා එන්නත්කරණය පමණක් ප්‍රමාණවත් නොවන අතර මුහුණු ආවරණ පැළඳීම, අත් සේදීම සහ සමාජ දුරස්ථභාවය රැක ගැනීම ආදී මූලික නිරෝධායන ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *