රට වසා දැමීම සාර්ථක නොමැති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති, එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සමන් රත්නප්රිය පවසයි.
රට වසා තිබුණ ද මේ වන විටත් ඉදිකිරීම්, ඇඟළුම්, වරාය, ඛනිජ තෙල්, විදුලිය ආදී ක්ෂේත්රවල ලක්ෂ 30-40ක් වැඩ කරන බව ද සමන් රත්නප්රිය පෙන්වා දෙයි.
කරන්නන් වාලේ කරන මෙවැනි රට වසා දැමීමකින් ප්රතිඵලයක් නොමැති බවත් දින 10 අවසානයේ එහි කිසිදු ප්රතිඵලයක් නැතැයි ආණ්ඩුව පවසනු ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.