රට වහන්න කීම පිටුපස ඇත්තේ කාලකන්නි දේශපාලනය….! ඔවුන්ගේ අරමුණ රට වහල ජනතාවට මැරෙන්න දීමයි…! – ජොන්ස්ටන්….

August 16, 2021 at 5:21 pm | by emanisa.lk

රට වහන විටත් අරින්නත් අරින විට වහන්නත් කීම විපක්ෂයේ දේශපාලන චක්‍රයක් බවට පත්ව ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

රට ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් කටයුතු කරන්නේ නම් රට වසා දැමීමේ අවශ්‍යතාවක් නැතැයි ද ඇමැතිවරයා අවධාරණය කරයි.

එසේ නම් කොවිඩ් සමඟ වැඩි ම කාලයක් ගනුදෙනු කරන වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට ද ඇඳිරි නීතිය පැනවිය යුතු බව ඔහු සඳහන් කරයි.

රට වසා දැමීම පිටිපස ඇත්තේ මේ රටේ ජනතාව මැරෙන තුරු බලා ගෙන සිටින විපක්ෂයේ කාලකන්නි දේශපාලකයින් බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *