දැඩි සත්කාර ඇඳන් පිරෙන්න කිට්ටුයි…! ජනතාව දැඩි වගකීමෙන් කටයුතු කරන්න…! – සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ…

August 16, 2021 at 8:12 am | by emanisa.lk

මෙරට කොවිඩ් ආසාදිතයන් සඳහා වෙන්කරන ලද දැඩි සත්කාර ඒකක ඇඳන් තවත් ඉතිරිව ඇත්තේ 25 ක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.

මේ වන විටත් කොවිඩ් ආසාදිතයින් සඳහා වෙන්කර ඇති දැඩි සත්කාර ඒකක ඇඳන්වලින් 190ක් පිරී අවසන් බව ද ඔහු අනාවරණය කරයි.

ඒ අනුව තවත් ඉතිරිව ඇත්තේ ඇඳන් 25ක් පමණක් බවත් පවතින තත්ත්වය යටතේ ජනතාව දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බවත් වෛද්‍ය අන්වර් හම්දානි අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *