ගෑස් කිරිපිටි හිඟයක් ඇති වුණේ ජනතාවට සහන දෙන්න ගිය නිසයි…! – බන්දුල..

August 13, 2021 at 7:36 am | by emanisa.lk

ගෑස් සහ කිරිපිටි හිඟය සම්බන්ධයෙන් රජයට දෝෂාරෝපණය කිරීම සාධාරණ නොවන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන පවසයි.

“ගෑස් සමාගම් විසින් මාස හයක කාලය තුළ ගෑස් මිල වැඩිකරන්න ඉල්ලා තියෙනවා. ඉතිං ආණ්ඩුවට ලේසියි පාරිභෝගිකයාගෙ පැත්තෙ ජනතාවගේ පැත්තෙ නොඉන්නවා නම් ඉල්ලන ලෙස මිල වැඩිකරන්න දුන්නා නම් කිසිම ගෑස් හිඟයක් ඇති වෙන්නෙ නෑ. ගෑස් හිඟයට රජයට බනින එක සාධාරණ නෑ.

මොකද ජනතාවට පීඩනය පටවන්න බැරි නිසා රජය, රජයේ ගෑස් සමාගම විශාල අලාභයක් සෑම සිලින්ඩරයකට ම විඳගෙන ගෑස් සපයනවා. නමුත් පුද්ගලික අංශයට එලෙසින් කරන්න බෑ. ලෝක වෙළඳපොළේ පවතින මිලට වඩා අඩු මිලකට ගෑස් දෙන්න කිව්වාට එහෙම දෙන්න බෑ. නමුත් අපි ඊයෙ වෙන තෙක් ඔවුන්ට ඒ මිල වැඩිකිරීමට ඉඩදුන්නෙ නෑ.

දෙවනුව කිරිපිටිත් එහෙමයි. කිරිපිටි සමාගම් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටිනවා ලෝක වෙළඳපොළේ මිල වැඩිවෙලා තියෙනවා, විනිමය අනුපාතය වැඩිවෙලා තියෙනවා, ඒ නිසා කිරිපිටි මිල වැඩිකරන්න කියලා. කිසිදු කිරිපිටි හිඟයක් එන්නෑ, අපට තියෙන්නෙ ආ එහෙනම් වැඩිකරන්න කිව්වා නම් කිසිම හිඟයක් එන්නෙ නෑ.

මේ ප්‍රශ්නය ඇතිවෙන්නෙ රජයට කළමනාකරණය කරගන්න බැරිවීමක් නෙවෙයි. රජය ජනතාවට සහන සැලසීම සඳහා ඉල්ලන ඉල්ලන ආකාරයට වැඩිවීම් කරන්න වෙළඳපොළට අවශ්‍ය ආකාරයට ඉඩ නොදීම නිසා තමයි මේ තත්වය ඇතිවෙලා තියෙන්නෙ.”

අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මේ බව පැවසුවේ ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස