ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අඩු වෙද්දී සමාගම් ජනතාවට සහන දුන්නේ නෑ…! ඒ නිසා මිල ඉහළ යද්දී ඒ බර ජනතාවට දෙන්නත් බෑ…! – බැසිල්..

March 18, 2021 at 10:21 am | by emanisa.lk

පසුගිය සමයේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අඩු මට්ටමක පැවැති බවත් එකල ගෑස් සමාගම් ඉහළ ලාභ ලැබූ බවත් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ ඊයේ (17) අරලියගහ මන්දිරයේ දී ප්‍රකාශ කළේ ය.

වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළඳපොළ සම්බන්ධයෙන් පැවැති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කර තිබේ.

මෙහි දී සහල්, පොල්, කිරිපිටි, මාළු,මස්, බිත්තර, පරිප්පු හා ධාන්‍ය, ලොකු ලූනු හා රතු ලූනු, අර්තාපල්, එළවළු සහ පළතුරු මෙන්ම ගෑස් සඳහා පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අවශ්‍යතාව පිළිබඳව මගේ අවධානය යොමු විය.

ගෑස් මිල වැඩිකරන්නැයි කෙරෙන බලපෑම් සම්බන්ධයෙන් අදහස් පළ කළ බැසිල් රාජපක්ෂ මහතා, කොවිඩ්-19 වසංගතය සමඟ ලෝක ගෑස් මිල පහත වැටී තිබූ අවධියේ එම ලාභය අදාළ සමාගම් විසින් හිමිකරගත් බවත් එදා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ පවා රැකියා ආරක්ෂා කරමින් රජය ගත් ක්‍රියාමාර්ග සඳහා එම සමාගම් වර්තමානයේ සහය ලබා දීම යුතුකමක් බවත් කියා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *