රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය ඇතුළු නිලධාරී මඩුල්ලට අදාළ තනතුරු දැරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මොරටුව දිසා අධිකරණය ඊයේ (22) මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.
මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර විසින් මොරටුව දිසා අධිකරණය හමුවේ ගොනුකළ පැමිණිල්ලක් විභාගයට ගැනීමෙන් අනතුරුවය.
වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් 19 දෙනෙකුට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකර තිබිණි.
මෙවර නිලවරණය කැඳවා තිබූ නමුත් සෞඛ්‍ය හේතු මත බව පවසමින් නිලවරණය කල්දමා තිබේ. මෙවර වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සභාපති ධූරයට ඉදිරිපත් වුව ද නාම යෝජනාව ප්‍රතික්ෂේප විය.