රසායනික පොහොර තහනම තේ වගාව වනසන කුමන්ත්‍රණයක්…! ලංකාව තේ අපනයනයෙන් අංක 01 ඉඳලා 04ට වැටිලා….!

July 20, 2021 at 7:48 am | by emanisa.lk

ලෝක තේ අපනයනයේ ප්‍රථම ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මේ වන විට හතර වන ස්ථානයට වැටී ඇතැයි කුඩා තේ වතු හිමියන්‌ගේ ජාතික සම්මේලනය අනාවරණය කරයි.

මේ රටේ පාලකයින් ඊට වගකිව යුතු බවට එම සම්මේලනය චෝදනා කරයි.

වසර 50ක් තිස්සේ තේ ගසට ලබා දුන් පොහොර ටික රසායනික යන නාම භාවිත කර නතර කර දමා ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

මෙය කුමන්ත්‍රණයක් බවත් මේ රටේ බොහෝ ආණ්ඩුවලට මෙන් ම අපත් සමග ලෝක තේ වෙළෙඳපොළ සඳහා තරඟ කරන රටවලට ලංකාවේ තේ වෙළෙඳපොළ විනාශ කිරීමට උවමනා වී තිබූ බව එම සම්මේලනය අවධාරණය කරයි.

ජනතාව මේ කුමන්ත්‍රණය අවබෝධ කරගත යුතු බව ද ඔවුහු ප්‍රකාශ කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *