අද (14) පෙරවරුවේ තමන් පුරවැසියෙකු ලෙස කොවිඩ් එන්නත ලබා ගත් බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.
ඔහු තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව පවසා තිබේ.
ජවිපෙ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත ලබා දුන් අවස්ථාවේ එය ලබා ගත්තේ නැත.
කොවිඩ් අවදානම් මරණ ලැයිස්තුවේ පහතින් සිටින තමන්ට එන්නත උවමනා නැති බව ඔහු ඒ අවස්ථාවේ ප්‍රකාශ කළේ ය.