පසුගිය ජනාධිපතිවරණයට පසු තමා ගෝඨාභය රාජපක්ෂ හමු නොවූ බව අත්තරගම ප්රඥාරාම හිමි (කොටුවේ පොඩි හාමුදුරුවෝ) පවසයි.
ජනාධිපතිවරයා රට පාලනය කරන බවත් තමන් වහන්සේ තමන්ගේ සමාජ සේවා කටයුතු සිදුකරන බවත් එහිමියෝ පැවසූහ.
තමා ජනාධිපතිවරයාගේ නිවසට ගිය බව හෝ ජනාධිපතිවරයාට පිරිත් නූල් බැඳීමට හෝ අවම වශයෙන් තේ එකක් පානය කිරීම සඳහා නොගිය බව ද කොටුවේ පොඩි හාමුදුරුවෝ ප්රකාශ කරති.
ජනාධිපතිවරණයට පසු තමා ගෝඨාභය රාජපක්ෂ මුණ ගැසීමට නොව ජනාධිපති ලේකම් කාර්යාලයට පවා නොගිය බව පොඩි හාමුදුරුවෝ අවධාරණය කරති.
එසේ ගිය බව හෝ ජනාධිපතිවරයා මුණ ගැසුණු බව කිසිවෙකු ඔප්පු කරන්නේ නම් තමා සිවුරු හරින බව ද කොටුවේ පොඩි හාමුදුරුවෝ වැඩි දුරටත් සඳහන් කළහ.