15 හැවිරිදි දැරිය දූෂණ සිද්ධියට කොටුවේ පොඩි හාමුදුරුවෝ CIDයට….!

July 12, 2021 at 8:47 pm | by emanisa.lk

15 හැවිරිදි දැරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය කටයුත්තක් සඳහා අත්තරගම ප්‍රඥාරාම හෙවත් කොටුවේ පොඩි හාමුදුරුවෝ අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩ ම කර කළහ.

ඒ එංගලන්තයේ සිට ක්‍රියාත්මක වන ලංකාඊනිව්ස් වෙබ් අඩවිය ඔස්සේ අදාළ සිද්ධියට සම්බන්ධ භික්ෂුව තමන් බවට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

මෙම සිද්ධියට සම්බන්ධ භික්ෂුව මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඊට තමන්ගේ කිසි ම සම්බන්ධයක් නොමැති බවත් උන් වහන්සේ සඳහන් කළහ.

සමාජ මාධ්‍ය වාරණයට තමන් අකමැති වුව ද මෙවැනි කටයුතු ඔස්සේ චරිත ඝාතනයට ඉඩදිය නොහැකි බවත් අදාළ පිරිසට නීතිමය වශයෙන් දඬුවම් ලබා දෙන්නට තමන් කටයුතු කරන බවත් එහිමියෝ අවධාරණය කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස