කොවිඩ් වසංගතයේ වැඩි ම බලපෑම එල්ල වී ඇත්තේ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් වන පෙර පාසල් අධ්‍යාපනයට බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.
පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල අධ්‍යාපනය ලබන වයස් මට්ටම්වල දරුවන්ට නැවත වතාවක් මේ ගෙවී යන කාලය අත්පත්කර ගැනීමට නොහැකි බව ඔහු මෙහි දී පැවසීය.
ගම්වල ඇතැමුන් යම් යම් වැරදි ක්‍රියා කිරීමේදී ඔවුන්ගේ පූර්ව ළමාවිය සංවර්ධන වී නොමැත බව පවසන බව අමාත්‍යවරයා මෙහි දී මතක කර දුන්නේය.
ඇතැම් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය අනුව ඔවුන්ට විධිමත් පෙර පාසල් අධ්‍යාපනයක් හිමි වී නැතැයි ජනතාවට පෙනී යන බව ද ඩලස් අලහප්පෙරුම පෙන්වා දෙයි.
මාතර පැවැති උත්සවයකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේ ය.