රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය, එදා සීතාවක රාජසිංහ රජු නොමඟ යැවූ අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ගේ චරිතය රඟදක්වමින් සිටින බව සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක නිලධාරී අජිත් පී. පෙරේරා පවසයි.
“අනුරුද්ධ පාදෙනිය මැතිතුමා අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගිහිල්ලා රටේ දේශපාලනය මෙහෙයවන තැනකට ගිහින් තියෙන බව දැන් අපට පේනවා. අර අරිට්ඨකී වෙණ්ඩු සීතාවක රාජසිංහ රජතුමාව නොමග යැව්වා වගේ පාදෙණියත් අද අරිට්ඨකී වෙණ්ඩු චරිතය තමයි රඟපාන්නේ.
අනෙකුත් වැදගත් උගත් නිලධාරීන් පාවා දෙමින් මේ රටේ වැදගත් කාරණාවල දී රටේ ජනවරම ලද ජනාධිපතිතුමාවත් විශාල අනතුරක දමන්නට අද පාදෙණිය කටයුතු කරනවා. අද ජනාධිපතිවරයා මේ කොරෝනා තුන්වෙනි රැල්ල පාලනය කිරීමට අසමර්ථ වෙලා තියෙන්නෙ මෙවැනි දුෂ්ට උපදේශකයින් නිසයි.”
අජිත් පී. පෙරේරා මේ බව පැවසුවේ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.