කඩා වැටෙන ආණ්ඩුවට විකල්පය වෙන්න සජිත්ලට බෑ…! මං පාර්ලිමේන්තු යන්නේ ඒකයි…! – රනිල්…

June 20, 2021 at 10:41 am | by emanisa.lk

පාර්ලිමේන්තු යන්නට තමාගේ බලාපොරොත්තුවක් නොතිබූ නමුත් විශාල පිරිසකගේ බලපෑම් මත එහි යන්නට තීරණය කළේ අසාර්ථක වී ඇති කොරෝනා පාලනය හරි මඟට ගැනීම සඳහා යම් හඬක් නැගීමට යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

ආණ්ඩුවේ ජනප්‍රිය බව කෙටි කලක් තුළ ශීඝ්‍රයෙන් කඩාවැටෙමින් තිබුණත් පාර්ලිමේන්තුවේ විපක්ෂයෙන් තවමත් විකල්පයක් ඉදිරිපත් කර නොතිබීම භයානක තත්ත්වයක් බව කී රනිල් වික්‍රමසිංහ එවැනි අවස්ථාවක රට ඉදිරියට ගෙන යා හැක්කේ කෙසේදැයි සලකා බැලිය යුතුව තිබෙන බවද සඳහන් කරයි.

මෙවැනි දේශපාලන පසුබිමක් තමා මීට පෙර දැක නැතැයි ද එජාප නායකයා පැවසී ය.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සමග ඔන්ලයින් සංවාදයකට එකතු වෙමින් හිටපු අගමැතිවරයා මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස