ගම්පහට ගංවතුර ගැලුවේ අධිවේගය නිස නෙමෙයි…! අධිවේගයට එරෙහි කාන්තාවක් නිසයි…! – නිමල් ලාංසා

June 7, 2021 at 5:26 pm | by emanisa.lk

එක්තරා කාන්තාවක්, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට බාධා නොකළේ නම් ගම්පහ මෙවැනි ගංවතුර තත්ත්වයක් ඇති වීමට ඉඩක් නොමැති වූ බව (07) රාජ්‍ය අමාත්‍ය නිමල් ලාංසා පවසයි.

“මධ්‍යම අධිවේගී මාර්ගය නිසා සමහර ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවීම ගැන මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා. නමුත් කියන්න ඕන මේ අධිවේගී මාර්ග සෑදු කිසිම ස්ථානයක ගං වතුර ගැටලු ඇති වෙලා නැහැ.

නමුත් එක්තරා නෝනා කෙනෙක් ඇවිත් බාධා නොවන්න මේ වෙන කොට ඒ ප්‍රදේශයේ ඇළ මාර්ග පිළිසකර කරලා, සංවර්ධනය කරලා මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු සිදුකරන්න තිබ්බා.

ගම්පහ දිස්ත්‍රික්කයේ මේ අධිවේගී මාර්ගය කුලුනු මතින් ගෙන යන වැඩපිළිවෙළක් තිබ්බේ. දැන් අපිට ඒ ගැටලුව ගැන බලන්න සිද්ධ වෙලා තියෙනවා”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *