ලංකාව් සියලු නීති ⁣රකින්න සංචාරකයන්ට පිස්සු නෑ…! කාමරේට වෙලා දින 14ක් නිදාගන්න කවුරුවත් ලංකාවට එන්නේ නෑ..! – ලංසා.

January 5, 2021 at 8:35 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ සියලු ම නීතිවලට ගරුකරමින් සංචාරය කිරීමට විදේශිකයන්ට පිස්සුවක් නොමැති බවත් සංචාරකයන්ට දින 14 ක් තිස්සේ කාමර ඇතුළට වී නිදියන්න කිසිවෙකු රටට නො එන බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා පාර්ලිමේන්තවේු විවාදයකට එක්වෙමින් අද (05) පැවසීය.

‘කොවිඞ් 19’ වසංගතයට පසුව ක්‍රියාත්මක වන සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතිය පිළිබඳව විපක්‍ෂයෙන් යොමු වූ විවේචනවලට පිළිතුරු දෙමින් නිමල් ලංසා ඇමතිවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“ලංකාවට එක සංචාරකයො අපි දාන ඔක්කොම නීතිවලට අනුව එන්න ඒ ගොල්ලන්ට පිස්සු නෙමෙයිනේ. දවස් 14 ක් බුදියන්න. එහෙම එනවද බුදියන්න. එක එක්කෙනාට නීති දාන්න පුළුවන්. ඒ නීතිවලට යටත්වෙලා සංචාරක කර්මාන්තෙ දියුණු කරන්න බෑ”

“හර්ෂ මන්ත්‍රිතුමා කියනවා සංචාරකයො දින 14 ක් තියන්න ඕන කියලා. ඔබතුමා දන්නවා සංචාරකයෝ පසුගිය ඉතිහාසය පුරා ඇවිත් තියෙන්නේ දින 10 යි, 12 යි, 14 යි. ඔබතුමාලා කියන්නේ සංචාරකයා පැය ගාණක් ඇවිල්ලා, කාමර ඇතුළෙ නිදියගෙන ඉඳලා ආපහු යන්න කියලද? එහෙම සංචාරකයන්ට පිස්සුවක් නෑ බුදියගෙන ඉදලා යන්න”

“සංචාරක ව්‍යාපාරයේ නියුතු ලක්‍ෂ 30 ක් ජනතාව මාස නවයක් තිස්සේ තමන්ගේ වාරික ගෙවා ගන්න බැරිව ඉන්නවා. එදිනදා කටයුතු කරගන්න බැරිව ඉන්නවා. ඒ නිසා තමයි රජය උත්සාහ කරන්නේ නියමු ව්‍යාපෘතියක් විදියට මේ ජනවාරි මාසයේ ගුවන්තොටුපළ විවෘත කරලා ශ්‍රී ලාංකිකයන්ව ඕනම වාණිජ ගුවන්යානයකින් ගෙන්න පුළුවන්ද කියලා බලන්න. සංචාරක කර්මාන්තය සඳහා ගුවන්තොටුපළ විවෘත කරන්න පු`ඵවන්ද කියලා බලන්නේ මේ නියමු ව්‍යාපෘතියෙන්”

“නියමු ව්‍යාපෘතියක අඩුපාඩු තියෙන්න පු`ඵවන්. වැරදි වෙන්න පුළුවන්. අපි වැරදි හදාගෙන, අඩු පාඩු හදාගෙන මේ රටේ සංචාරක ව්‍යාපාරයේ නියුතු අහිංසක ජනතාවට යම්කිසි ආදායමක් එන විදියට මේ කර්මාන්ත විවෘත කරන්නයි”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *