රසායනික ද්‍රව්‍ය ආශ්‍රිතව සිදුවන ගිනි ගැනීම් ජලය භාවිතයෙන් නිවිය නොහැකි බව 11 ශ්‍රේණියේ දරුවකු පවා දන්නා කරුණක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් දුමින්ද නාගමුව පවසයි.
මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ගින්න වැඩි වීමට වතුර දැමීම හේතුවක් වූ බවට විශේෂඥ කණ්ඩායම් පවා සඳහන් කර ඇති බවයි.
එසේ තිබිය දී ගින්න ඇති වූ දින වරාය කටයුතු භාර අමාත්‍යවරයා එහි ගොස් ගිනි නිවීමට උපදෙස් ලබා දුන් ආකාරය දුටු බව ද නාගමුව සඳහන් කරයි.
බුද්ධිමතුන් නොයන තැන මෝඩයන් ගොස් බල්ටි ගසන බව ගැමි වහරේ පැවසෙන බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.