ගිනිගත් නැව නිසා රටට විශාල වන්දියක් ලැබෙයි…! මේ අවස්ථාවේ එයත් රටට සහනයක්….! – වාසු……

May 28, 2021 at 9:56 am | by emanisa.lk

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට විශාල හානියක් සිදුව ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

ඒ සඳහා විශාල වන්දියක් රටට ලැබීමට හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු ලෙස ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

මීට පෙර ද ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනිගත් නෞකාව හේතුවෙන් විශාල වන්දි මුදල් ප්‍රමාණයක් ලැබුන බව සඳහන් කළ අමාත්‍යවරයා මේ අවස්ථාවේ එවැනි වන්දි මුදලක් ලැබීමත් රටට ප්‍රයෝජනවත් බව සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *