එක්ස්ප්‍රස් පර්ල් ගින්න නිවන්න ජලය යෙදීම මෝඩ වැඩක්…! – මහාචාර්ය ප්‍රදීප් ජයවීර…

May 30, 2021 at 9:46 am | by emanisa.lk

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හටගත් ගින්න නිවීමට කටයුතු කළ ආකාරය සම්පූර්ණයෙන් ම වැරදි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රදීප් ජයවීර පවසයි.

රසායන ද්‍රව්‍ය නිසා හටගත් ගින්නක් වතුර ඉස නිවා දැමිය නොහැකි බව ඔහු අවධාරණය කරයි.

ඒ සඳහා අදාළ රසායනික ද්‍රව්‍ය සමඟ ප්‍රතික්‍රියා කරන රසායනික ද්‍රව්‍ය දමා ගිනන් මැඩලිය යුතු බව මහාචාර්ය ජයවීර පෙන්වා දෙයි.

ජලය යොදා ගින්න නිවීමට උත්සාහ කළ නිසා එහි ගිනිගත් රසායන ද්‍රව්‍ය මුහුදට එක්වීමේ අවදානමක් ඇතැයි ද හෙතෙම වැඩි දුරටත් අනතුරු අඟවයි.

කෙසේ වුව ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගින්න මැඩලීම සඳහා ගුවනින් නැවට රසායන ද්‍රව්‍ය ටොන් ගණනක් පතිත කළ අතර ටග් යාත්‍රා යොදා ගෙන ජලය ඉසින ලද්දේ නැවේ බඳ සිසිල් කිරීම සඳහා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *