පෝර්ට්සිටි සභාපති වගේ ම අධ්‍යක්ෂ මණ්ඩල බහුතරයත් ලාංකික විය යුතුයි…! – ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශවලට අමතරව ආණ්ඩුවෙන් තවත් සංශෝධන….

May 19, 2021 at 7:50 am | by emanisa.lk

කොළඹ වරාය නගර සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අනිවාර්යෙන් ම ශ්‍රී ලාංකිකයෙකු විය යුතු බව කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබේ. මෙම යෝජනාව අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත් කෙරිණි.

වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුව ලැබීමෙන් පසු ඊයේ (18) රැස් වූ කැබිනට් මණ්ඩලය මෙම තීන්දුව ගෙන තිබේ.

එසේ ම කොමිෂන් සභාවේ බහුතර සාමාජිකයින් ශ්‍රී ලාංකිකයින් විය යුතු බව ද එම කැබිනට් හමුවේ දී තීරණය කර ඇත.

පනත් කෙටුම්පත සඳහා ශ්‍රෙෂ්ඨාධීකරණය ලබා දුන් නිර්දේශ ඇතුළත් කර එය සරල බහුතරයකින් සම්මත කර ගැනීමට ආණ්ඩුව තීන්දු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *