සඳුදා සිට රෝග ලක්ෂණ නැති ආසාදිතයින් නිවෙස්වල….! සංකූලතා මතු වුණොත් වහා ම රෝහලක් වෙත….!

May 15, 2021 at 9:05 pm | by emanisa.lk

රෝග ලක්ෂණ නොපෙන්වන, PCR පරීක්ෂණයක් මඟින් කොවිඩ් 19 ආසාදිත බව හඳුනා ගෙන තිබෙන රෝගීන් නිවෙස් තුළ ම රඳවා තබා ගනිමින් නියාමනය කරන බව වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

එම වැඩපිළිවෙළ එළඹෙන 17 වැනි දා සිට ක්‍රියාත්මක කරන බව ද ඇමැතිවරිය සඳහන් කරයි.

නිවසේ රැඳී සිටිය දී යම් සංකූලතාවක් මතු වුවහොත් එම තැනැත්තා රෝහල් පද්ධතිය වෙත යොමුකිරීමට කටයුතු කරන බව ද ඇය පවසයි.

කොවිඩ් වසංගත ව්‍යාප්තිය පිළිබඳ මෙහෙයුම් මැදිරියේ සිට එම මෙහෙයුම් කටයුතු සිදුකිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *