මේ වන විට ශ්‍රී ලංකාවේ ඝාතන රැල්ලක් ක්‍රියාත්මක වන බවත් එමගින් ශ්‍රී ලාංකේය ජනතාවවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
අපරාධකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක වියයුතු නමුත් නීතියට පිටින් ගොස් හිතුමනාපයට ආණ්ඩුව කරන අනීතික ඝාතන වහාම නවතා දැමිය යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.
ආණ්ඩුව යමින් සිටින්නේ ඒකාධිපති, ආඥාදායක ගමනක් බව පැවසූ විපක්ෂ නායකවරයා ඊට එරෙහිව සමගි ජන බලවේගය පෙරට එන බව ද පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (13) විපක්ෂ නායක කාර්යාලයේ දී මේ බව පැවසීය.
පොලිසිය විසින් සැකකරුවෙකු ඝාතනය කරන විට එම රාජ්‍ය අවනීතිය රජ කරන ෆැසිස්ට් රාජ්‍යයක් බවට පත් වෙන බවත් එවන් ඝාතන තුළින් සැකකරු සමග ගනුදෙනු කළ දේශපාලකයන්ට සහ ඉහල පෙළේ ජාවාරම්කරුවන්ට නීතියේ රැහැනින් පැන යන්න හැකි බවත් හෙතෙම අවධාරණය කළේ ය.
එපමණක් නොව එයින් නීතියේ ආධිපත්‍යය සහ නීතිය බලාත්මක කරන ආයතන කෙරේ ඇති විශ්වාසය අහෝසි වී යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩි දුරටත් පැවසීය.