පාතාල නායකයින් වන ඌරු ජුවා සහ කොස්ගොඩ තාරක ඝාතනය හෙළා දකිනවා…! – නීතීඥ සංගමය…

May 13, 2021 at 5:23 pm | by emanisa.lk

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදනකු වූ ඌරු ජුවා සහ කොස්ගොඩ තාරක ඝාතනය කිරීම දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම සිදුවීම් පිළිබඳව අවධානය යොමුකර එවැනි සිදුවීම් වළක්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ දැක්වෙයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සංගමයේ පිරිස් සහ ලේකම් නීතීඥ රජීවී අමරසූරියගේ අත්සනින් යුතුව එම නිවේදනය නිකුත් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස