වෙඩි හඬින් මීරිගම දෙදරුම් කයි….! කොස්‍ගොඩ තාරක පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුට…!

May 13, 2021 at 7:36 am | by emanisa.lk

දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ධර්මකීර්ති තාරක විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක නැමැත්තා අද අලුයම මීරිගම රේන්දපොළ ප්‍රදේශයේ ඇති ඇති වූ පොලිස් වෙඩි හුවමාරුවක දී මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

කොස්ගොඩ තාරක බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා යාමට උත්සාහ කිරීමේදී මෙම වැඩි තැබීම සිදුව ඇති බවද හෙතෙම කියයි.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ හෙළි වූ තොරතුරු අනුව පොලිස් නිලධාරීන් ඔහු රේන්දපොළ ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේ මෙය සිදු වු බවද පොලිසිය පවසයි.

මෙහි දී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ද තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත.

මොහු කොස්ගොඩ, මාතර, මොරටුව හා කොට්ටාව ආදි පොලිස් වසම්වල සිදුවු මනුෂ්‍ය ඝාතන 7ක්, කොල්ලකෑම් 21ක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙක් මෙන්ම එම කටයුතු සංවිධානය කළ අයෙක් ද වෙයි.

මොහු 2018 වසරේ දී මාතර නගරයේ රන්භාණ්ඩ වෙළෙඳසැලක් කොල්ලකෑමට නායකත්ව දී තිබු අතර, එහිදී පොලිස් නිලධාරීයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබිණි.

පසුගිය වසරේ බූස්ස බන්ධනාගාරයේ දී මොහු බන්ධනාගාර නිලධාරීන් ඉදිරියේ ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට මරණ තර්ජන සිදුකර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *