තුන්වෙනි රැල්ල දරුණු වෙයි….! රට ම ලොක්ඩවුන් කරන සූදානමක්…! අඛණ්ඩව අත්‍යවශ්‍ය සේවා සපයන්න සැලසුම්…!

May 10, 2021 at 6:46 am | by emanisa.lk

රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පූර්ණ වශයෙන් හෝ සියයට 75ක ප්‍රමාණයකින් රට වසා දැමීමට සිදු වුවහොත් ඒ සඳහා සූදානම් විය යුතු බව ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානී, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඊයේ (09) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවක දී මෙම උපදෙස් ලබා දී තිබේ.

එම සාකච්ඡාවට අත්‍යාවශය සේවා සපයන ආයතනවල ප්‍රධානීන් කැඳවා තිබූ අතර ඉදිරියේ දී කිසිසේත් රට තුළ ඇඳිරි නීතිය පැනවීමක් සිදු නොවනු ඇති බවත් සංචරණ සිමා පමණක් පැනවීමට අවස්ථාව ඇති බවත් එහි දී පෙන්වා දී තිබේ.

එවන් තත්ත්වයකදි අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගෙන යන ආකාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ එම ආයතන ප්‍රධානීන් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස