විවාහ මංගල උත්සව පැවැත්වීම අත්හිටුවීම අද දිනය දක්වා කල් දමන ලද්දේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ සහෝදරියකගේ දියණියකගේ විවාහ මංගල උත්සවය ඊයේ දිනට යොදාගෙන තිබුණ නිසා බවට සමාජ ජාලවල ඊයේ වාර්තා පල විය.
එහෙත් එම චෝදනාව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රතික්ෂේප කරයි.
ඔහු සඳහන් කරන්නේ තම සහෝදරියගේ දියණියන් දෙදෙනාම තවමත් පාසල්වියේ දැරියන් බවයි.
ඔවුන්ගේ විවාහය තව බොහෝ කාලයකට සිදු නොවන බවද ඔහු සඳහන් කළේය.