චීන ආරක්ෂක ලේකම්ට විරෝධය පෑම හරි…! තරුණයා රිමාන්ඩ් කළ පොලිසියට නඩු දාන්න ඕන….! – නාගානන්ද…

May 1, 2021 at 11:02 pm | by emanisa.lk

නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනක් පහත දැක්වෙයි.

වහලුන් සහ පුරවැසියන් අතර පැහැදිළි වෙනසක් ඇත

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පෙනී සිටිය යුත්තේ පොහොට්ටුව රැකීමට නොවේ. තම පඩිපත බදු මුදලින් ගෙවන ජනතාවගේ ආරක්ෂාව සඳහාය. අපරාධ වරදක් ක්‍රියාව මත සම්පුර්ණ නොවෙන බව නීතිඥයකු වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැහැදිළිව දන්නේය.

එම තරුණයා එම අවස්ථාවේ ක්‍රියාත්මක කළේ කිසිවකුට උදුරාගත නොහැකි තම භාෂණයේ හා අදහස් පල කිරීමේ නිදහසයි. මෙවැනි දේවල් යුරෝපයේ රටවල සාමාන්‍ය දෙයකි. කුණු බිත්තර පාර කන දේශපාලුවන් කිසිදා ඊට එරෙහිව ජනතාවගේ ප්‍රකාශනයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යටපත් කිරීමට කොහෙත්ම ඉදිරිපත් වන්නේ නැත. ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ඇතිවෙන්න කෑවේය. අන්තිමේ ඔහුට ආගිය අතක් නැති විය.

මේ රටේ ප්‍රයෝගිකව ක්‍රියාත්මක නොවුවද නීතිපතිගේ සිට පහළට සෑම රාජ්‍ය නිලධාරියකුගේම වගකීම රටේ ‘පරම අධිකාරිය’ වන පුරවැසියාගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීමය. ඇමරිකාවේ ජෝජ් ෆ්ලොයිඩ් සිද්ධියේදී රජය සම්පුර්ණ වගකීම භාරගෙන ඇමරිකානු ඩොලර් මිලියන 27 ක් ඔහුගේ පවුලට වන්දි වශයෙන් ගෙවූ බවද වාර්තා වෙයි. නිදහස් පුරවැසියෝ සිටින රටවල් හා දේශපාලන පක්ෂ හඹා යන වහලුන් සිටින රටවල ඇති ප්‍රධාන වෙනස එයයි.

ජනතාවගේ අධිකරණ බලය බලෙන් පැහැරගත් පොහොට්ටු දේශපාලන අධිකාරිය නිදහසේ මාතෘ භුමිය මංකොල්ල කන විට කර කියා ගත නොහැකිව දැඩි පීඩනය පසුවන ජනතාව වෙනුවෙන් එම තරුණයා ක්‍රියාත්මක කළේ තම මුලික මිනිස් අයිතියයි. ඔහු කිසිම අපරාධ වරදක් කර නැත. ඔහුට මාධ්‍ය හමුවේ සමාව ගැනීමට බල කළ තැනැත්තන් ඔහු රටට හෙළි කළ යුතුය.

අපරාධ වරදක් සඳහා අංග දෙකක් එනම් ක්‍රියාව සහ වරදක් කිරීමේ චේතනාව සම්පුර්ණ විය යුතුය. චේතනාවක් නැතිව කරන ක්‍රියාවකින් පමණක් අපරාධ වරදක් සම්පුර්ණ නොවේ.

The standard common law test of criminal liability is expressed in the Latin phrase actus reus non facit reum nisi mens sit rea, i.e. “the act is not culpable unless the mind is guilty”. As a general rule, someone who acted without mental fault is not liable in criminal law.

මහජන බදු මුදලින් තම පඩිපත ලබන රජයේ සේවකයකු වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ඒ බව අමතක විය නොහැක. එම තරුණයා අනිවාර්යයෙන් තමන්ට එම සිද්ධිය ගැන සමාව ගැනීමට බලකළ තැනැත්තන් වගඋත්තරකරුවන් ලෙස නම් කර පොලිස්පතිට එරෙහිව මුලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් පැවරිය යුතුය.

ඔහුගේ මව් පමණක් නොව සියලුම පුරවැසියෝ එකා මෙන් ඔහුගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිය යුතුය. ඔහු පෙනී සිටියේ සහ නියෝජනය කලේ ඔබේ අයිතිය වන හෙයිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස