අද (29) දිනයේ දී කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් 1531ක් වාර්තා වී තිබේ. මෙරට දෛනික ආසාදිතයන් ප්රමාණය 1500 ඉක්මවා ගියේ පළමුවැනි වරටය.
ඊයේ දිනයේ දී මෙන්ම පෙරේදා දිනයේදී ද දහස ඉක්මවන ආසාදිතයන් පිරිසක් දෛනිකව වාර්ත වූ අතර වෛරසයේ පැතිරීම තවදුරටත් වර්ධනය වෙමින් තිබේ.
අවසන් දින 07 තුළදී පමණක් ආසාදිතයන් 6903 ක් වාර්තා වී ඇති අතර එය ඊට පෙර සතියට සාපේක්ෂව 198% ක ඉහළ යාමකි.
උත්සව සමයට පෙර ජනගහනයෙන් මිලියනකට වාර්තා වන ආසාදිතයන ප්රමාණය ඉතා අඩු අගයක් ගත් නමුත් මේ වන විට එම අගය 4956 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අලුත් අවුරුද්දට පෙර PCR පරීක්ෂණ මගින් 3%ක් රෝගීන් වාර්තා වූ අතර මේ වන විට එම ප්රමාණය 8% දක්වා දින 10ක පමණ කාලයක් තුළ ඉහළ ගොස් තිබේ.