ඇමරිකානු ඩොලර් ලක්ෂ හත්සිය විස්සක් වියදම් කොට රුසියාවෙන් හෙලිකොප්ටර් යානා හතරක් ගෙන්වීමට ආණ්ඩුව ගත් කුහක තීන්දුව වහාම නවතා දැමිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ජාතික ආරක්ෂාව, හමුදාව ශක්තිමත් කිරීමට මෙය කාලය නොවන බව විපක්ෂ නායකයා පෙන්වා දෙයි.
මේ මොහොතේ ප්‍රමුඛතාව දිය යුත්තේ හෙලිකොප්ටර් ගැන්වීමට නොව ජනතාවට කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 440ක් ගෙනැවිත් ලබා දීමට බව ඔහු අවධාරණය කරයි.
රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත විය යුතු වුවත් මේ ව්‍යසනකාරී මොහොතේ ජාතික ආරක්ෂාවට මුවාවෙමින් ආණ්ඩුව කඩිමුඩියේ, හෙලිකොප්ටර් සහ හමුදා වාහන ඇණවුම් කිරීමේ අරමුණ කුමක්දැයි තමන් ප්‍රශ්න කරන බවත් ඔහු පැවසීය. වහාම මෙම ගිවිසුම අහෝසි කළ යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ඊයේ (28) නොච්චියාගම හොරුවිල ශ්‍රී තපෝධනාරාම රාජමහා විහාරස්ථානයට පැමිණ මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව පැමිණ සිටි පිරිස අමතා සජිත් ප්‍රේමදාස මේ බව පැවසීය.
https://www.youtube.com/watch?v=2mmBsbkYT0k