සිංහරාජේ ජලාශය හදන්න යුනෙස්කෝ අවසර නෑ…! යෝජනාව අතහැර දාන්න ඇමැති එකඟ වුණා….! – ආචාර්ය මීගස්වත්තේ…

April 28, 2021 at 10:07 am | by emanisa.lk

සිංහරාජ ලෝක උරුම වනාන්තරය තුළ ජලාශයක් ඉදිකිරීම සඳහා ඉඩදිය නොහැකි බව යුනෙස්කෝ සංවිධානය සඳහන් කළ බව ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්තේ පවසයි.

ගං ගඟේ ජලය හම්බන්තොට දක්වා රැගෙන යාම සඳහා මාදුගැටේ දී ගිං ගඟ හරස් කර වේල්ලක් බැඳීමට යෝජනා කර ඇත්තේ වාරි ඉංජිනේරුවන් විසින් බවත් යුනෙස්කෝ ශ්‍රී ලංකා සම්බන්ධීකරණ ලේකම්වරයා ප්‍රකාශ කරයි.

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ එම යෝජනාව ප්‍රකාශයට පත්කළ පසු ඒ සඳහා අවසර දිය හැකි දැයි යුනෙස්කෝවෙන් විමසූ බවත් ඒ සඳහා ඇති වෙනත් විකල්ප ඉංජිනේරුවන්ගෙන් තමන් විමසූ බවත් ඔහු ප්‍රකාශ කරයි.

මෙම යෝජනාව ලෝක උරුම කමිටුව වෙත යොමු නොකළ බවත් ඉංජිනේරුවන් මෙන් ම ඇමැතිවරයා ද තමාගේ අදහස පිළිගෙන සිංහරාජය තුළ ජලාශය ඉදිකිරීම අතහැර වෙනත් විකල්පයක් වෙත යාමට එකඟ වූ බවත් ආචාර්ය මීගස්වත්තේ ප්‍රකාශ කරයි.

කෙසේ වුව ද සිංහරාජට එළිකර හෝටලයක් හදන බවට භාග්‍යා අබේරත්න සිදුකළ ප්‍රකාශය නිවැරදි නොවන බවත් එය පෞද්ගලික ඉඩමක් බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *