සිංහරාජේ වැව හදන්නේ ලංකාගම….! යුනෙස්කෝ විරෝධය….!

March 25, 2021 at 1:10 pm | by emanisa.lk

සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ඉදි කිරීමට යෝජනා වී තිබෙන ජලාශය හේතුවෙන් වනාන්තරයේ හෙක්ටයාර් 4 ක පමණ භූමි ප්‍රමාණයකට බලපෑම් එල්ල වන බව යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරයි.

මේ පිළිබඳව අමාත්‍ය චමල් රාජපක්ෂ සමඟ සාකච්ඡා කළ බව ආයතන ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත පවසයි.

ජලාශය ඉදි කිරීමෙන් සිංහරාජ පරිසර පද්ධතියට සිදුවන බලපෑම ගැන ඇමතිවරයාට පෙන්වා දුන් බව ද ඔහු පැවසීය.

මෙම ජලාශය ඉදිකිරීමට සැලසුම් කර තිබෙන්නේ ලංකාගම මාදු ගැටේ ප්‍රදේශයෙන් ගිං ගඟ හරස් කරමිනි.

එකී ඉදිකිරීමට අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව දැනගැනීමට පැරිස් නුවර පිහිටි ලෝක උරුම කමිටුව වෙත ලිපියක් යොමු කළ බව ද ආචාර්ය මීගස්වත්ත සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *