සිංහරාජය අසල වැව් හදන සැලසුම අවුරුදු 90ක් පරණයි…! අරමුණ පානීය ජල ගැටලුව වගේ ම ගං වතුර ගැටලුව විසඳීමයි…!

March 23, 2021 at 12:45 pm | by emanisa.lk

කළු ගඟ, නිල්වලා ගඟ සහ ගිං ගඟේ වතුර ජල හිඟයෙන් පීඩා විඳින ඊසාන දිගට ගෙන යාමේ සැලසුමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව ඇතැයි අමාත්‍ය චමල් රාජපක්ෂ පවසයි.

එමගින් ගං වතුර පාලනය සඳහා මෙන් ම පානීය ජල ගැටලුව සඳහා ද විසඳුම් ලැබෙන බව හෙතෙම කියයි.

එහෙත් මෙතෙක් කිසිදු ආණ්ඩුවකට එම සැලසුම ක්‍රියාත්මක කළ නොහැකි වූ බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

ගිං ගඟේ පහළ කොටසේ දැනට පවුල් 100ක් පමණ පදිංචි වී සිටින කොටසක ජලාශයක් ඉදි කිරීමට දැනට අවුරුදු ගණනාවක් තිස්සේ සැලසුම් කර ඇතැයි ද තමා ප්‍රකාශ කළේ එය බව ද ඔහු සඳහන් කරයි.

එම සැලසුම අධ්‍යයනය කර එමගින් විශාල හානියක් වන්නේ දැයි විමසීම සඳහා යුනෙස්කෝව වෙත යොමු කර ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේ ය.

එම සැලසුම ප්‍රතික්ෂේප කරන්නේ නම් පානීය ජල ගැටලුවට මෙන් ම ගං වතුර ගැටලුවට ද විසඳුම් ලබා දීමට නොහැකි වනු ඇතැයි ද චමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ ය.

 

 

 

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *