සුරාබදු දෙපාර්තමේන්තුව මා එල්ල කළ දූෂණ චෝදනා පිළිගත්තා….! නිලධාරීන් අගමැතිත් අන්දලා…! – බුද්ධික පතිරණ…

April 23, 2021 at 9:29 am | by emanisa.lk

මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් සිදුවිය හැකි අක්‍රමිකතා පිළිබඳ පාර්ලිමෙන්තුවේ දී තමා අනාවරණය කළ බොහොමයක් කරුණු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පිළිගෙන ඇති බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසයි.

මෙම කාරණාවට අදාළව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් උපුටා දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ මත්පැන් බෝතල් මත ස්ටිකර් කේත ඇලවීම සම්බන්ධයෙන් පවතින අක්‍රමිකතා රැසක් පිළිබද තමා අනාවරණය කළත් සුරාබදු දෙපාර්තමෙන්තුව එම නිවේදනය මගින් පිළිතුරු දී ඇත්තේ අදාළ ස්ටිකර් කේතය ජනතාවට ජංගම දුරකථන මගින් කියවීමට නොහැකිය යන කාරණාව පිළිබඳව පමණක් බවයි.

සිය කතාවේදී මෙම කටයුත්තට අදාළ ටෙන්ඩර් පටිපාටියේ අක්‍රමිකතා, දූෂණ චෝදනා එල්ලවූ සමාගමකට මෙම ගනුදෙනුව ලබාදෙන්නේ කෙස්ද වැනි කරුණු රැසක් පිළිාබද තමා ප්‍රශ්න කළ බව ඔහු පෙන්වා දෙයි.

එහෙත් සුරාබදු දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනය මගින් ඒ කිසිදු කරුණක් පිළිබඳ පිළිතුරු නොදීම තුළ ඔවුන් ඒවා පිළිගෙන ඇති බවට තමා විශ්වාස කරන බව විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු ප්‍රකාශ කළේ ය.

මෙම ටෙන්ඩරය ලබාදී ඇති MSP (Madras Security Printers) ඉන්දියානු ආයතනය ඉන්දියාව තුළ ද අසාදු ලේඛනගත වී ඇති සමාගමක් බවත් අගමැතිවරයා සහ අජිත් නිවාඩ් කබ්රාල් නොමග යවමින් මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ගැනීමට නිලධාරීන් කටයුතු කර ඇති බවත් ඔහු අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *