පළාත් සභා ක්‍රමය කිසිසේත් රටට උවමනා නෑ…! පළාත් සභා අක්‍රිය වූ වසර 03ට කෝටි 500ක් රටට ඉතිරියි….!

April 6, 2021 at 8:21 am | by emanisa.lk

පළාත් සභා ක්‍රමය යනු සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව ඒකාන්තයෙන් ම ප්‍රතික්ෂේප කළ බලහත්කාරයක ප්‍රතිඵලයක් බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මේ රට මත ඉන්දියානු බලහත්කාරය මගින් ඇති කළ පිළිකාව පළාත් සභාව බව ද උන් වහන්සේ පෙන්වා දෙති.

ලංකාවේ පැවැති බෙදුම්වාදී ත්‍රස්තවාදයට හෝ දැන් මතුව ඇති ආගම්වාදයට හෝ පළාත් සභා ක්‍රමය මගින් කිසිසේත් විසඳුම් නොලැබෙන බව ද සෝභිත හිමි අවධාරණය කළේ ය.

පළාත් සභා එක අතකින් සුදු අලියෙකු වන අතර අනෙක් අතට පිළිකාවක් බවත් අවුරුදු 03ක් පළාත් සභා අකර්මන්‍ය වීම නිසා රුපියල් කෝටි 500ක ලාභයක් රටට අත්ව ඇති බවත් එහිමියෝ වැඩි දුරටත් පැවසූහ.

එහෙයින් පළාත් සභා ක්‍රමයට නැවැත කිසිසේත් පණ දිය යුතු නැති බව ද ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *