අපද්‍රව්‍ය සහ රොන්මඩ ඉවත් නොකිරීම නිසා මීගමු කලපුව දැඩි ලෙස අපවිත්‍ර වී ඇති බව වාර්තා වෙයි.
ධීවරයින් 6000ක් පමණ සිය ජීවිකාව කරගන්නා මීගමුව කලපුව පිරිසිදු කිරීමට ආණ්ඩුව රු. මිලිියන 600ක් වෙන් කළ ද එහි කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී තිබේ.
ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලකගේ විරෝධය නිසා මෙම ව්‍යාපෘතිය දිගින් දිගට ම අඩාල වන බව අනාවරණය විය.
වෙනත් ව්‍යාපෘතියක් යටතේ කලපුව ආශ්‍රිත කඩොලාන පරිසරයට දැමූ රොන්මඩ ඉවත් කරන තුරු කලපුවේ රොන්මඩ ඉවත් කර පිරිසිදු කිරීමට ඉඩ නොදෙන බව දේවානි ජයතිලක අවධාරණය කර තිබේ.
මෙම ඡායාරූපවල දැක්වෙන්නේ මීගමුව කලපුවේ වර්තමාන තත්ත්වයයි. මීගමු කලපු සංවර්ධන ව්‍යාපෘතිය දේවානි ජයතිලක හඳුන්වන්නේ පරිසර ත්‍රස්තවාදියෙකු ලෙස ය.