අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නයෙන් සමාව අයදින බව පූජ්‍ය වීරකැටියෙ සංජය හිමියෝ සඳහන් කරති.
පසුගියදා ගාල්ල ගිංතොට විහාරස්ථානයක අඳනකඩය පිටින් අසභ්‍ය වචනයෙන් පිරිසකට බැණ වදිමින් හැසිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල එහෙම එහිමියෝ මේ බව පැවසූහ.
එකී වීඩියෝ පටයේ දැක්වුනේ අඳනකඩය පිටින් අසභ්‍ය වචනයෙන් බනිමින් කිසිවෙකුට පහර දීමට උත්සාහ කරන බවයි.
කෙසේ වෙතත් උන්වහන්සේ සඳහන් කරන්නේ විහාරස්ථානයේ ඉඩම් අල්ලාගෙන සිටින පිරිසක් සමග මෙම මතබේදය සිදු වූ බවත් අඳනකඩය පිටින් සිටයේ බුද්ධ චීවරයට අපහාසයක් කිරීමට අකමැති නිසා බවය.
එම අවස්ථාවේ පොලිස් නිලධාරීහු ද ඒ ආසන්නයේ් සිටියහ.