නිවට පරගැති මංගල පාරේ ගිහින් රණ විරුවොයි පාවා දෙන්න ආණ්ඩුව සූදානම් නෑ….! – විමල්

April 1, 2021 at 4:31 pm | by emanisa.lk

මංගල සමරවීර කුමන්ත්‍රණකාරී ලෙස රටට සතුරු රණ විරුවන්ට සතුරු ජිනීවා යෝජනාවට අත එස වූ බව ඇමැති විමල් වීරවංශ පවසයි.

ඔහු ජිනීවා යෝජනාවට අත එස වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හෝ කැබිනට් මණ්ඩලයට නොදන්වා අගමැති රනිල් වික්‍රමසිංහ සමග පමණක් සාකච්ඡා කර බව ද ඇමැතිවරයා අනාවරණය කරයි.

එහි ප්‍රතිඵල ලෙස රණවිරුවන් සිරගත කර බුද්ධි අංශ අඩපණ කර දැමූ බවත් එම නිවට පරගැති ගමන යාමට වර්තමාන ආණ්ඩුව සූදානම් නොමැති බවත් හෙතෙම අවධාරණය කරයි.

වර්තමාන ආණ්ඩුව තෝරා ගෙන ඇත්තේ එම යටත් වීම වෙනුවට රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය සනාථ කිරීමට කටයුතු කිරීමේ මාවත බව ද ඇමැති විමල් වීරවංශ සඳහන් කළේ ය.

එදා රට බෙදන මාවත තෝරගත්තේ නම් මහින්ද රාජපක්ෂට නොබෙල් ත්‍යාගය ලබා ගැනීමට තිබූ බවත් කුමන අභියෝග ආව ද ඊට මුහුණ දෙමින් ඉදිරියට යනු මිස රට හෝ රණ විරුවන් පාවා නොදෙන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

ගෝඨාභය රාජපක්ෂට 69 ලක්ෂයක ජන වරමක් ලැබුණේ ඒ සඳහා බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *