බැසිල්-මංගල හමුව සාර්ථකයි….! විමල්ලාට එරෙහිව කඳවුරු බඳී….! නව සන්ධානයක් සූදානම්….!

February 27, 2021 at 10:46 am | by emanisa.lk

විශේෂ දේශපාලන සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය මංගල සමරවීර අතර හමුවක් ඉදිරි දින කිහිපය තුළ සිදුවනු ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

පසුගිය මහ මැතිවරණය සඳහා සජිත් පිලෙන් මාතර දිස්ත්‍රික්කයට තරග වැදීම පිණිස නාමයෝජනා ඉදිරිපත් කළ මංගල අවසන් මොහොතේ ඡන්ද සටනින් ඉවත් විය. අනතුරුව ඔහු නැවතත් එ.ජා.පයට සමීපව කටයුතු කරන බව වාර්තා වුවත් දැන් ඔහු ක්‍රියාකාරී දේශපාලනයේ නැත.

2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කිරීම සඳහා විශාල කාර්යභාරයක් කළ මංගල සමරවීර ඉන් වසර දෙකකට පසු මහින්ද රාජපක්ෂ රජය සමඟ හටගත් මතගැටුමක් නිසා අමාත්‍ය ධූරයෙන් ඉවත් කළේය. අනතුරුව ඔහු විපක්ෂය සමඟ සම්බන්ධ විය.

පසුගියදා කොළඹ පැවති ප්‍රසිද්ධ මංගල උත්සවයක දී බැසිල් රාජපක්ෂ මුණගැසුණු මංගල සෑහෙන කාලයක් සුහද කතාබහක නිරත වූ බව ද වාර්තා විය.

කෙසේ වෙතත් මෙවර බැසිල් සහ මංගල අතර හමුව කුමන අරමුණක් උදෙසා සිදුවේද යන්න අපැහැදිලි වුවත් මෙම සාකච්ඡාවේ දී කිසියම් සමගි සන්ධාන ක්‍රියාවලියක් සඳහා මුලපිරෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *