කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ සිට යාපනය දක්වා පැළ මිලියන 20ක් සිටුවීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
පසුගිය 30 වෙනිදා මෙම වැඩසටහන ආරම්භ වූ අතර ඊට සමගාමීව කොළඹ සිට යාපනය දක්වා කිලෝ මීටර් 712ක දුර දින 11ක් පුරා සංකේතාත්මකව පැළ සිටුවන පාපැදි සවාරියක් ද පැවැත්වෙයි.
මෙම වැඩසටහන අතුරලියේ රතන හිමිගේ අනුශාසකත්වයෙන් මාතා පදනම විසින් සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්ෂ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය ආයතනවල සභාපතිවරු මෙන්ම මාතා පදනමේ සාමාජික ඩිලන්ත මාලගමුව, රංගන ශිල්පී රොෂාන් රණවණ ඇතුඵ ආරාධිත පිරිසක් එක්ව සිටියහ.