පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සම්මත කිරීම කල්දැමීමට තීරණය කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම පවත්වා ඇති අතර එහිදී එම තීරණයට එළඹ ඇති බව සඳහන් වේ.
විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් විසින් පළාත් සභා මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් වන නව පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.
එම පනතට අනුව සියයට 70 ක් කොට්ඨාස ක්රමයටත් සියයට 30ක් සමානුපාතික ක්රමයටත් සභිකයින් තෝරා පත්කර ගැනීමටත් වන යෝජනාවට අමාත්‍ය මණ්ඩලය සිය එකඟතාව පළකර තිබේ.
කෙසේවෙතත් එක් කොට්ඨාසයකින් එකම පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙකු පත්කර ගැනීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ කිහිපදෙනෙකු සිය විරෝධය පළකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර ඇත්තේ එම යෝජනාව පක්ෂ නායක රැස්වීමකදී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා ලෙසය.
එතෙක් එම කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට නොගන්නා ලෙසද ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබාදී ඇති බව ද සඳහන් වේ.
adaderana