ලක්ෂපති දැරිය සිංහරාජය යැයි කී ඉඩම පෞද්ගලික ඉඩමක්….! පරීක්ෂණවලින් තහවුරු වූ බව පරිසර ඇමැති කියයි….!

March 28, 2021 at 7:28 am | by emanisa.lk

සිංහරාජ රක්ෂිතයේ හෝටලයක් ඉදිකරන බවට සිරස ලක්ෂපති වැඩසටහනට පැමිණි භාග්‍යා අබේරත්න ප්‍රකාශ කළ රත්නපුර කලවාන භූමි භාගය පෞද්ගලික ඉඩමක් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අදාළ භූමිය සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් කැඳ වූ බවත් අවුරුදු 40ක පමණ පත්තිරු පරික්ෂාවක් සිදුකළ බවත් ඔහු සඳහන් කරයි. එය සිංහරාජයට කිලෝ මීටර් 3.6ක් පමණ ඈතින් පිහිටා ඇති බවත් ඇමැතිවරයා අනාවරණය කළේ ය.

එසේ ම මෙම ඉඩමේ කිසිදු ගසක් කපා නොමැති බවත් පැරණි තේ පඳුරු සහ මානා පඳුරු පමණක් ඉවත් කර ඇති බවට නිලධාරීන් වාර්තා කර ඇති බවත් ඇමැති අමරවීර පෙන්වා දෙයි.

කෙසේ වුව ද මේ පිළිබඳ තව දුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවත් අදාළ ප්‍රදේශයේ පවුල් 135ක් පමණ ඉවත් කර එම කොටස සිංහරාජයට පවරා ගැනීමේ හැකියාව ගැන වාර්තාවක් කැඳවා ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *