අපට එරෙහි ජීනීවා යෝජනාවලට බිය විය යුතු නෑ…! සම්බාධක දාන්න යුධ අධිකරණ ගේන්න කිසිවෙකුට බෑ…! – ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා

March 24, 2021 at 11:55 am | by emanisa.lk

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට විරුද්ධව ඉදිරිපත් කර තිබෙන යෝජනාව සම්මත වුවත් ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීම, යුද අධිකරණ හමුවට රැගෙන යෑම වැනි කොන්දේසි දැමීමට එම මානව හිමිකම් කොමිසමට කිසිදු හැකියාවක් නොමැති නිසා අප බිය විය යුතු නැති බව ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා පවසයි.

කුඩා රටවලට බලපෑම් කර තමන් විසින් කර තිබෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් යටපත් කිරීමට ගත් උත්සාහයක් ලෙස මෙය පෙනී යන බව ද ඔහු පෙන්වා දෙයි.

අප රටට එරෙහිව බලාත්මක කළ යෝජනා යම් බලපෑමක් මත එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වා ගෙන ගියත් අප රට යුද අධිකරණයට ගෙන යාමට හෝ සම්බාධක පැනවීමට හෝ හැකියාවක් නොමැති බව ද ඔහු සඳහන් කරයි.

ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිෂේධ බලය හිමි රටවල් අපගේ මිත්‍ර රටවල් ලෙස කටයුතු කරන නිසා බව ද හෙතෙම කියයි.

අපට ආවේණික ක්‍රමවේදයක් අනුව ආරම්භ කර ඇති යාන්ත්‍රණය කඩිනමින් ඉදිරියට ගෙන යාමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් එවිට අපට එරෙහිව ඡන්දය භාවිත කළ රටවලට තමන් අනුන්ගේ කීම මත කිසිදු පදනමක් නොමැතිව ශ්‍රී ලංකාවට එරෙහිව වූ බව හැඟී යනු ඇති බවත් යූ.ආර්. ද සිල්වා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *