ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තවත් වසර අටහමාරක් රට පාලනය කළ හැකි බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව 2030 දී තීරණය කළහැකි බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.
රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මේ බව පැවසුවේ ඊයේ (12) කොළඹ දී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.
“අපට නායකයින් රාශියක් ඉන්නවා. අපි එදාට තීන්දු කරමු. තාම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවුරුදු එකහමාරයි එතුමාගේ ධුර කාලයෙන් අවසාන කරලා තියෙන්නෙ.
එතකොට අවුරුදු 10ක ධුර කාලයෙන් තාම අවුරුදු එකහමාරයි ගිහිල්ලා තියෙන්නෙ. තව අවුරුදු අට හමාරක් අපට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා අපි 2030 දක්වා හදපු සැලැස්ම තුළ. ඒ හින්දා අපි 2030න් පස්සෙ තීන්දු කරමු කවුද අපේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කියලා”.