ඉස්ලාම් අන්තවාදී අදහස්වලින් පිස්සු වැටී ඇති අසාද් සාලි සහ රිෂාඩ් බදුර්දීන් වැන්නවුන් රජය මැදිහත් වී වහාම ප්‍රතිකාර ලබා දිය යුතු බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර පවසන්නේ මොවුන් මුස්ලිම් සමාජයට බරපතල අගතියක් සිදුකරණ බවය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යය වසන්ත බංඩාර පවසන්නේ රහස් පොලිසියේ අත්අඩංගුවේ සිටිය යුතු රිෂාඩ්ලා රහස් පොලිසියට ගොස් පැමිණිලි කිරීම නිසා රජය විහිළුවට ලක්ව ඇති බවයි.
එහි දී ඔහු පවසා සිටියේ මෙම මානසික රෝගීන් සමාජය තුළ ගැටුම් ඇති කිරීමට කටයුතු කරන බැවින් ඔවුන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා අත් අඩංගුවට ගෙන අංගොඩ මානසික රෝහලට යැවිය යුතු බවය.
එසේ ඔවුන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක නොකිරීම මගින් රජය බරපතල සමාජ වගකීමක් සහ සිවිල් සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් පනත් උල්ලංඝනය කරන බව අවධාරණය කළ අතර මොවුන් නිදැල්ලේ සිටීම මගින් ජාතිවාදී ගැටුම් ඇවිලවිය හැකි බවත් අවධාරණය කළේය.