කෙල්ල මාව බ්ලැක් මේල් කරන්න හදනවා…! හූනියමක් හරි කරල මාව බේර ගන්න…! – SI පුතාට කියල..

March 10, 2021 at 6:28 pm | by emanisa.lk

සිය පෙම්වතිය ලැඟුම්හලකට ගෙන ගොස් ඝාතනය කිරීමට පොලිස් පෙම්වතා කටයුතු කර ඇත්තේ ඇගෙන් ඔහුට සහ ඔහුගේ පවුලට දිගින් දිගට ම සිදු වූ කරදර නිසා බවට තොරතුරු පොලිස් විමර්ශනය හමුවේ අනාවරණය වෙමින් තිබේ.

පෙම්වතිය ඝාතනය කර සිය දිවි නසාගත් පොලිස් නිලධාරියා සිය වැඩි මහලු පුතාට පවසා ඇත්තේ ඇගෙන් දිගින් දිගට ම කරදර සිදුවන බවත් ගුරුකමක් හෝ කර තමා බේරා ගන්නා ලෙසත් ය.

එසේ ම අදාළ තරුණිය තමා බ්ලැක් මේල් කිරීමට සූදානම් වන බව ද පොලිස් නිලධාරියා සිය පුතාට පැවසූ බව ඔහු පොලිසියට සාක්ෂි දෙමින් පවසා තිබේ.

මේ කරුණු සනාථ කරන ඇතැම් තොරතුරු පොලිස් නිලධාරියා සිය දිවි නසා ගැනීමට පෙර බිරිඳට ලියූ ලිපියෙහි ද තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *