සමගි බලේ අශෝස් අබේසිංහ අදත් CIDය මග හරී….! පාස්කු ප්‍රහාර රහස් සමඟ සැඟවෙයි…!

March 9, 2021 at 7:29 pm | by emanisa.lk

අද (09) දින රහස් පොලිසිය හමුවට කැඳවා තිබූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ එහි පෙනී සිටියේ නැත.

අද දෙවන දිනට ද ඔහු රහස් පොලිසිය මග හැර තිබූ අතර ඔහුගේ නීතිඥයා පමණක් එහි අද දිනයේ පැමිණියේ ය.

පාස්කු ප්‍රහාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සම්බන්ධ බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව පොදුජන පෙරමුණු පසුපෙළ මන්ත්‍රී පිරිසක් රහස් පොලිසියට පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණයට අනුව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ඔහු අද හා ඊයේ දෙදිනම කැඳවා තිබුණද ඔහු පෙනී සිටියේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *